'ස්වාමීන් වහන්සේලා හෝ ආලෝකා ස්පර්ශ කිරීමට උත්සහ කරන්න එපා'

වීඩියෝ ශීර්ෂ වැකිය, ‘ස්වාමීන් වහන්සේලා හෝ ආලෝකා ස්පර්ශ කිරීමට උත්සහ කරන්න එපා'
'ස්වාමීන් වහන්සේලා හෝ ආලෝකා ස්පර්ශ කිරීමට උත්සහ කරන්න එපා'
Published

වියට්නාමයේ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර සාම පා ගමන අද (අප්‍රේල් 22) දඹුල්ලෙන් ආරම්භ විය. කිලෝමීටර් 45ක් පමණ දුර ගෙවා අද පස්වරුවේ උන්වහන්සේ මාතලේ අළු විහාරය දක්වා වැඩම කිරීමට සැලසුම් කර තිබේ.

ස්වාමීන් වහන්සේ හෝ ආලෝකා නමැති සුනඛයා ස්පර්ශ කිරීමට උත්සහ නොකරන ලෙසත්, නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසන ලෙසත් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.