'ලංකාවෙම ඉන්නේ කුරුල්ලෝ 20ක් විතර. අදටත් කැදැල්ලක් හොයාගෙන නැහැ'

වීඩියෝ ශීර්ෂ වැකිය, මෙම පක්ෂියාගේ උස අඩි 4.5ක් පමණ වේ.
'ලංකාවෙම ඉන්නේ කුරුල්ලෝ 20ක් විතර. අදටත් කැදැල්ලක් හොයාගෙන නැහැ'
Published

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන උසම සහ අඩුම පක්ෂීන් සංඛ්‍යාවක් (අඩුම කුරුලු ගහනය) සිටින කුරුලු විශේෂය අලි මානාවා හෙවත් අලි මාන කොකා ය.

මෙම විශේෂයේ පක්ෂීන් 20 දෙනෙකු පමණ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන බවට විශ්වාස කරන බව පක්ෂි විද්‍යාඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය.

එහෙත් බොහෝ දෙනෙකු මේ පක්ෂියා දැක නොමැති අතර අදටත් ශ්‍රී ලංකාවෙන් මෙම පක්ෂීන්ගේ කැදැල්ලක් සොයා ගැනීමට කිසිදු පර්යේෂකයෙකුට හැකි වී නැත.

මෙම පක්ෂියාගේ උස අඩි 4.5ක් පමණ වේ.