BRICS කණ්ඩායම යනු කුමක් ද? අරමුණු මොනවා ද?

This handout photograph taken and released by the Indian Press Information Bureau (PIB) on September 11, 2026 shows Russia's President Vladimir Putin (L) and India's Prime Minister Narendra Modi (R) during their bilateral meeting on the sidelines of BRICS Summit in New Delhi. Indian Prime Minister Narendra Modi and visiting Russian President Vladimir Putin embraced on September 11 before talks on trade, energy and defence, a day ahead of the 11-member BRICS summit. (Photo by PIB / AFP via Getty Images) / XGTY / RESTRICTED TO EDITORIAL USE - MANDATORY CREDIT "AFP PHOTO / Indian Press Information Bureau (PIB)" - NO MARKETING NO ADVERTISING CAMPAIGNS - DISTRIBUTED AS A SERVICE TO CLIENTS - NO ARCHIVE
Published
කියවීමේ කාලය: මිනිත්තු 6

එක්සත් ජනපදය BRICS සමූහයේ සාමාජිකයෙකු නොවුණත්, මෙම සති අන්තයේ දිල්ලි නුවර පැවැත්වෙන එහි සමුළුව කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලපෑම දැඩිව පැතිරී තිබෙනු ඇත.

සත්කාරක ඉන්දියාව, චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරානය ඇතුළු BRICS රටවල් 11ක නායකයන් — ආරාධිත සාමාජිකයෙකු ලෙස සෞදි අරාබිය ද සහභාගි වන අතර — විවිධ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය. එහෙත්, ඒ අතරින් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක තරම් වැදගත් වන කරුණු නොමැති තරම් ය.

ඉරානයේ යුද්ධයත්, එක්සත් ජනපදයේ විරුද්ධවාදීන්ට මෙන් ම මිත්‍ර රටවලට ද එල්ල වන ධවල මන්දිරයේ තීරුබදු තර්ජනයත් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ අස්ථාවර කර ඇති අතර, ලෝක ආර්ථිකයේ අනාගතය පිළිබඳවද නිරන්තර අවිනිශ්චිතතාවක් ඇති කර තිබේ.

BRICS නායකයන් හමුවන්නේ මෙවැනි පසුබිමක් තුළ ය. එහෙත්, එක්සත් ජනපදය විවෘතව විවේචනය කරන හෝ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සහ භූ දේශපාලනික ක්‍රියාමාර්ගවලට එරෙහිව ඒකාබද්ධ උපාය මාර්ගයක් ඉදිරිපත් කරන එකඟතා ප්‍රකාශයක් මෙම කණ්ඩායමෙන් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.

බ්‍රික්ස් සමූහය නිර්මාණය වූයේ කෙසේ ද?

2001 වසරේදී, ගෝල්ඩ්මන් සැක්ස් නමැති ආයෝජන බැංකුවේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජිම් ඕ'නීල්, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය සඳහා "Bric" යන කෙටි යෙදුම නිර්මාණය කළේ ය.

ඒවා එකල සීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයන් තිබූ විශාල, මධ්‍යම ආදායම් ලබන රටවල් වේ. ඒවාට 2050 වන විට ලොව ප්‍රමුඛතම ආර්ථිකයන් ඇති රටවල් බවට පත් විය හැකි බවට ඔහු අනාවැකි පළ කළේ ය.

බ්‍රික්ස්

2006 වසරේදී එම රටවල් හතර බ්‍රික් (Bric) සමූහය ලෙස එක්වීමට තීරණය කළේ ය. එය බ්‍රික්ස් (Brics) කණ්ඩායම බවට පත් වූයේ, දකුණු අප්‍රිකාව 2010 වසරේදී ඊට එක් වූ විට ය.

බ්‍රික්ස් සමූහය කෙතරම් වැදගත් ද?

එක්ව ගත් කළ බ්‍රික්ස් රටවල ජනගහනය බිලියන 3.24ක් වන අතර ඔවුන්ගේ ඒකාබද්ධ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 26කි. එය ගෝලීය ආර්ථිකයෙන් 26% ප්‍රතිශතයකි.

බ්‍රික්ස්

කෙසේ වෙතත්, එක්සත් ජනපද බුද්ධි මණ්ඩපයක් වන අත්ලාන්තික් කවුන්සිලයට (Atlantic Council) අනුව, බ්‍රික්ස් ජාතීන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඡන්ද අයිතියෙන් ඇත්තේ 15%ක ප්‍රතිශතයක් පමණි.

බ්‍රික්ස් සමග සම්බන්ධ වීමට අවශ්‍යතාවෙන් පසුවන රටවල් මොනවා ද?

මෑතකදී ජොහැන්නස්බර්ග් හි පැවති බ්‍රික්ස් කණ්ඩායමේ සමුළුව එහි සාමාජිකත්වය පුළුල් කිරීම පිළිබඳ ප්‍රධාන විවාදයක් බවට පත්විය.

ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉරානය, ඉතියෝපියාව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට ඒ සඳහා ආරාධනා කරන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ප්‍රකාශ කළේය.

තවත් බොහෝ රටවල් එහි සාමාජිකයන් වීමට කැමැත්තෙන් පසුවෙයි.

At a meeting in China in 2019, Foreign Minister Wang Yi shakes hands with Iran's Foreign Minister Mohammad Javad Zarif
ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රික්ස් කණ්ඩායමට එක්වන ලෙස ඉරානයට ආරාධනා කර ඇත

බ්‍රික්ස් සහ ආසියාවේ දකුණු අප්‍රිකානු තානාපති අනිල් සූක්ලාල් ප්‍රකාශ කළේ, රටවල් 22ක් නිල වශයෙන් කණ්ඩායමට එක්වීම සඳහා ඉල්ලුම් කර ඇති අතර එම සංඛ්‍යාව ම ඊට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇති බව ය.

ඉරානය, ආර්ජන්ටිනාව, කියුබාව, කසකස්තානය, ඉතියෝපියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව ඊට ඇතුළත් ය.

"බල තුලනය බටහිරින් ඈත් වෙමින් පවතින බවට මතයක් පවතිනවා වගේ ම, තව ත් සංවර්ධනය වෙමින් පවතින රටවල් බ්‍රික්ස් රටවල් වගේ නැගී එන බලවතුන් දෙස බලා ගෙන ඉන්නේ," යැයි මහාචාර්ය කාර්මෝඩි පවසයි.

"ඒත් බ්‍රික්ස් කියන්නේ ඉතා සුවිශේෂී සමූහයක්," ඔහු පවසයි. "නව සාමාජිකයින් ඇතුළත් කර ගැනීමෙන් ඊට ඇති බලපෑම් කිරීමේ හැකියාව හීන වී යාවි ද?"

"මගේ අනුමානය තමයි, රටවල් කිහිපයකට ඇතුළු වීමට ඉඩ ලැබේවි," බට්ලර් පවසයි. "නමුත් ඒවා ඉරානය වගේ සංකීර්ණ රටවල්වලට වඩා ආර්ජන්ටිනාව වගේ රටවල් වේවි."

බ්‍රික්ස් සමූහයේ අරමුණ කුමක් ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රම පිළිබඳව සොයා බැලීමට ත්, නැගී එන ආර්ථිකයන් සඳහා "වඩා වැඩි හඬක් සහ නියෝජනයක්" ඇති කිරීමට ත් බ්‍රික්ස් සමූහය නිර්මාණය කර ඇත.

2014 වසරේදී, බ්‍රික්ස් රටවල් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 250ක අරමුදල් ද ඇතිව නව සංවර්ධන බැංකුව (NBD) පිහිටුවන ලද්දේ, සංවර්ධන කටයුතු වෙනුවෙන් නැගී එන රටවල් සඳහා ණය පහසුකම් යටතේ මුදල් ලබා දීමට ය.

ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි බ්‍රික්ස් සමූහයට අයත් නොවන රටවල් ද නව සංවර්ධන බැංකුව සමග සම්බන්ධ වී තිබේ.

(From L to R) President of Brazil Luiz Inacio Lula da Silva, President of China Xi Jinping, South African President Cyril Ramaphosa, Prime Minister of India Narendra Modi and Russia's Foreign Minister Sergei Lavrov pose for a Brics family photo during the 2023 Brics summit at the Sandton Convention Centre in Johannesburg on 23 August 23 2023.
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්වීමට කැමැත්තෙන් සිටින තවත් බොහෝ පිරිසක් අතුරින් නව සාමාජිකයින් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට බ්‍රික්ස් සාමාජිකයින් පස්දෙනා එකඟ වී ඇත

බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයක් නිර්මාණය කරයිද?

බ්‍රසීලයේ සහ රුසියාවේ ප්‍රමුඛ දේශපාලනඥයින් පිරිසක් මෑතකදී බ්‍රික්ස් රටවල් සඳහා මුදල් ඒකකයක් නිර්මාණය කිරීමට යෝජනා කර ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳ හා මූල්‍ය කටයුතුවලදී එක්සත් ජනපද ඩොලරය දරන ආධිපත්‍යය අභියෝගයට ලක් කිරීමට ය.

කෙසේ වෙතත්, බ්‍රික්ස් සහ ආසියාවේ දකුණු අප්‍රිකානු තානාපති අනිල් සූක්ලාල් පවසා ඇත්තේ, ජොහැන්නස්බර්ග් සමුළුවේ න්‍යාය පත්‍රයේ එවැනි කරුණක් අන්තර්ගත නොවන බව ය.

"බ්‍රික්" රටවල් පිළිබඳ අදහස මුලින් ම ඇති වූ ගෝල්ඩ්මන් සැක්ස්හි ජිම් ඕ'නීල් එක්සත් රාජධානියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පතට පවසා ඇත්තේ, පොදු මුදල් ඒකකයක් පිළිබඳව වන අදහස "හාස්‍යජනක" බව ය.

බ්‍රික්ස් රටවල සමානකම් සහ වෙනස්කම් මොනවා ද?

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බ්‍රික්ස් සමූහයේ සාමාජිකත්වය දරන සෑම රටක් ම එය අයත් කලාපයේ ප්‍රධාන පෙළේ රටක් බව ඩබ්ලින්හි පිහිටි ට්‍රිනිටි කොලීජියේ සංවර්ධන භූගෝල විද්‍යාඥ මහාචාර්ය පැඩ්රයිග් කාර්මෝඩි පවසයි.

"කොහොම උණත් චීනය බලවතා බවට පත් වෙලා තියෙන්නේ," ඔහු පවසයි. "බ්‍රිස්ක් හරහා, චීනය දැනට පවතින ජාත්‍යන්තර ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීමට නැත්නම් පෙරලා දැමීම වෙනුවෙන් ඉල්ලීම් කරන ගෝලීය දකුණේ රටවල්වල ප්‍රමුඛ හඬ ලෙස පෙනී ඉන්නවා."

කෙසේ වෙතත්, ආසියා පැසිෆික් කලාපයේ චීනයේ ප්‍රතිවාදියා වන්නේ ඉන්දියාව යි. ඉන්දියාව චීනය සමග දිගුකාලීන දේශසීමා ආරවුලක පැටලී සිටින අතර, කලාපය තුළ චීනයේ බලපෑමේ ව්‍යාප්තිය පරීක්ෂා කිරීමට එක්සත් ජනපදය සහ අනෙකුත් අය සමග කටයුතු කරමින් සිටියි.

බ්‍රික්ස් රටවල් බටහිර රටවල් සමග කටයුතු කරන ආකාරයෙන් ද වෙනස් වෙයි.

"රුසියාව බ්‍රික්ස් සමූහය දකින්නේ, බටහිරට එරෙහි සටනේ කොටසක් විධියට, යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක ජය ගන්න උදව් වන්නක් විධියට," ලන්ඩන් පදනම් කරගත් බුද්ධි මණ්ඩපයක් වන චැතම් හවුස්හි ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය වැඩසටහනේ අධ්‍යක්ෂ ක්‍රියොන් බට්ලර් පවසයි.

 Aerial view of crude oil tanker 'VIEIRA' unloading oil at the 300,000 tonne crude oil terminal of Yantai Port on 19 October 2022
ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාව දැන් සිය බොරතෙල්වලින් වැඩි ප්‍රමාණයක් බ්‍රික්ස් හවුල්කරුවන් වන ඉන්දියාවට සහ චීනයට අපනයනය කරයි

රුසියානු තෙල් ආනයනය සඳහා බටහිර ජාතීන් විසින් සම්බාධක පනවනු ලැබීමෙන් පසුව, එරට විශාලතම ගනුදෙනුකරුවන් බවට පත්ව ඇත්තේ, ඉන්දියාව සහ චීනය යි.

රුසියාව 2023 පෙබරවාරි මාසයේදී චීනය සහ දකුණු අප්‍රිකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාස ද පැවැත්වීය.

කෙසේ වෙතත්, අනෙකුත් බ්‍රික්ස් සාමාජිකයින්ට විවෘතව බටහිර විරෝධී ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොපවතියි.

"දකුණු අප්‍රිකාවට, බ්‍රසීලයට සහ ඉන්දියාවට බෙදුණු ලෝකයක් අවශ්‍ය නැහැ,” බට්ලර් පවසයි. "බටහිරට විරුද්ධ වීම ඔවුන්ගේ ආරක්ෂාවට සහ දියුණුවට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි."