'දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත්, දූෂණයට එරෙහිව සටන් නොකිරීම ඊටත් වඩා භයානකයි' -ජනපති අනුර UN හිදී කියයි
'දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත්, දූෂණයට එරෙහිව සටන් නොකිරීම ඊටත් වඩා භයානකයි' -ජනපති අනුර UN හිදී කියයි
Published
මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ 80වන මහ මණ්ඩල රැස්වීම අමතමින් පැවසීය.
දුෂණයට එරෙහිව ලෝකයේ සියලු රාජ්‍යයන් කටයුතු කළ යුතු බවත් මිලියන 22ක ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ මතු අනාගත පරපුර වෙනුවෙන් තම රජය විසින් දුෂණයට එරෙහිව කටයුතු කිරීම ආරම්භ කර ඇති බව ත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
පලස්තීන ජනතාවට ස්වාධීන රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය ශ්‍රී ලංකාව පිළිගන්නා බව ත් ඊශ්‍රායල සහ පලස්තීන ජනතාවගේ ආරක්ෂක හා මානව ගැටලු හඳුනා ගත යුතු බව ත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා වේලාවෙන් අද (සැප්තැම්බර් 24) බ්‍රහස්පතින්දා අලුයම 00.45ට පමණ (එරට වේලාවෙන් සැප්තැම්බර් 23: ප.ව 3.15ට ) සැසිය ඇමතීය.









