රට වැසියන්ගේ විරෝධතා මැද ඉරානයේ සිදුවන්නේ කුමක් ද? එය අපට වැදගත් ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරානයේ සිදුවන දේ දැනසිටීම ඔබට වැදගත් වන්නේ ඇයි?
රට වැසියන්ගේ විරෝධතා මැද ඉරානයේ සිදුවන්නේ කුමක් ද? එය අපට වැදගත් ඇයි?
Published

ඉරානය වසර ගණනාවකට පසු වඩාත් පුළුල් ම නොසන්සුන්තාවකට මුහුණ දී සිටියි. පසුගිය දින ගණනාව තුළ ආර්ථික අසාර්ථකභාවය සහ ඊට යටින් වර්ධනය වන කෝපය හේතුවෙන් රට පුරා විරෝධතා පැතිර යමින් පවතියි.

මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ, විරෝධතාකරුවන් සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති අතර, සිය ගණනක් රැඳවුම් භාරයේ තබාගෙන සිටින බව ය.

කෙසේ වෙතත්, ඉරාන භූමියේ සිට වාර්තාකරණයේ යෙදීමට ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකට පමණක් අවස්ථාව හිමි වී ඇති හෙයින් මිය ගිය සහ අත්අඩංගුවට ගත් නිශ්චිත සංඛ්‍යාව පැහැදිලි නැත.

මේ එම නොසන්සුන්තාවට හේතුව කුමක් ද? සහ එය කෙතරම් වර්ධනය වෙයි ද? යන්න පිළිබඳව දකුණු ආසියානු කලාපීය ජනමාධ්‍ය කණ්ඩායම ගෙනෙන වාර්තාවකි.