පාවෙන සූර්ය බලාගාර : 'ඇඹිලිපිටිය පාලනය කරන්නේ සුනිත්‍ය බලශක්ති අධිකාරියයි, කොරියන් සමාගමකුයි ද?'
පාවෙන සූර්ය බලාගාර : 'ඇඹිලිපිටිය පාලනය කරන්නේ සුනිත්‍ය බලශක්ති අධිකාරියයි, කොරියන් සමාගමකුයි ද?'
Published
ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැවේ සහ සෙවනගල, කිරිඉබ්බන් වැවේ පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ නියමු ව්‍යාපෘතිය මේ වසරේ ජූලි නිම කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා තිබේ.
කොරියානු රජයේ මුල්‍යාධාර සහ තාක්ෂණික සහය මත ක්‍රියාත්මක මේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
නමුත් ජාතික පාරිසරික පනත අනුව මූලික අවසරයන් ගෙන නොමැති බවත්, බදු ගිවිසුම නීති විරෝධී බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර BBC සිංහල සේවයට පැවසුවේය.
මෙමගින් ධීවරයන්ට, ගොවීන්ට සහ ජල පාරිභෝගිකයන්ට සිදුවිය හැකි බලපෑම ගැන ජනතාව මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළහ.








