කලාව : 'මේ තියෙන්නේ චිත්‍ර 11ක් එකවර ඇඳලා වයිරල් වෙච්ච වීඩියෝ එක'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''අතෙන්, කකුලෙන් සහ දිවෙන් චිත්‍ර අඳිනවා''
කලාව : 'මේ තියෙන්නේ චිත්‍ර 11ක් එකවර ඇඳලා වයිරල් වෙච්ච වීඩියෝ එක'
Published

එකවර සිතුවම් 11ක් අඳින තරුණයෙකුගේ හැකියාවන් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඔහු දිව සහ පාදය වැනි ශරීර අංග යොදාගෙන සිතුවම් නිර්මාණය කරයි.

''පෑන් 2ක්, 4ක් සහ 11ක් පාවිච්චි කරලා මම දැනට චිත්‍ර ඇඳලා තියෙනවා. පෑන් 11කින් එකවර ඇන්දේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෝ 11 දෙනෙක්ගේ චිත්‍ර. මේක භාවනාවක් වගේ. හිත සන්සුන් වෙනවා.'' යනුවෙන් ශම්මික හිමේෂ් ඉලන්ගරත්න BBC සිංහල වෙත පැවසුවේය.

22 හැවිරිදි ඔහු රඹුක්කන, ගොඩගන්දෙනියේ පදිංචිකරුවෙකු වන්නේය.