උතුරු ගාසා රෝහලේ මන්දපෝෂණයෙන් මිය යන දරුවන්

වීඩියෝ ශීර්ෂ වැකිය, උතුරු ගාසා "සාගතයේ අද්දර" ඇති බවට එක්සත් ජාතීන් අනතුරු අඟවයි.
උතුරු ගාසා රෝහලේ මන්දපෝෂණයෙන් මිය යන දරුවන්
Published

උතුරු ගාසා හි කමල් අද්වාන් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය දරුවන් මන්දපෝෂණයෙන් හා විජලනයෙන් මිය යෑම වළක්වා ගැනීමට වෙහෙසෙති.

යුද්ධය ආරම්භයේ සිටම ප්‍රදේශයට ආධාර සුළුවෙන් ලැබී ඇති බැවින්, දරුවන් ආහාර සහ ජලය නොමැතිකම හේතුවෙන් මිය ගොස් ඇති බව BBC Arabic Trending තහවුරු කර ඇත.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝම්බර් 7 වනදා සිට ගාසා තීරයේ මන්දපෝෂණය සහ විජලනය හේතුවෙන් ළමුන් 27 දෙනෙකු මියගොස් ඇති බවය.

උතුරු ගාසා "සාගතයේ අද්දර" ඇති බවට එක්සත් ජාතීන් අනතුරු අඟවයි. ලබා දිය හැකි ආධාර ප්‍රමාණයට සීමාවක් නොමැති බව ඊශ්‍රායලය අවධාරණය කරන අතර සැපයුම් බෙදා හැරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට දොස් පවරයි.