ඉරානය පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කරා පැමිණි කැළඹිලිසහගත ගමන් මග

Players of Iran National Football Team celebrate after their teammate Mehdi Taremi (9) scored a goal during a friendly football match against Gambia at Titanic Mardan Palace Sports Complex in Antalya, Turkiye on May 29, 2026.

ඡායාරූප මූලාශ්‍රය, Orhan Cicek/Anadolu via Getty Images

    • Author, පූරියා ජෆ්රේ
    • Role, බීබීසී පර්සියානු සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඉරානය 2025 මාර්තු 25 වන දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ විට, ඔවුන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝග ගැන සිතා ගැනීමට හැකි වූයේ කිහිප දෙනෙකුට පමණි.

වසරකට වැඩි කාලයකට පසු, ඉරානයේ සහභාගීත්වය තරගාවලියේ වඩාත් ම සංකීර්ණ කතාන්දරයක් බවට පත්ව ඇත්තේ, ඊශ්‍රායලය සමග ඒකාබද්ධ මිලිටරි ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කළ ගැටුමේ පාර්ශවකාර සත්කාරක රටක ක්‍රීඩා කිරීමට නියමිත වන බැවිණි.

මෙම යුද්ධයේ අඳුරු වලාවන් හමුවේ, ඉරාන පාපන්දු කණ්ඩායම තරගාවලිය වෙනුවෙන් නවාතැන් ගන්නේ කොහේ ද සහ ඔවුන්ට එක්සත් ජනපදයට යාමට වීසා ලබා ගත හැකි ද යන්න ඇතුළු බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවිය.

වීසා ප්‍රශ්නය

ඉරානය ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම්වලින් එකක් වූ අතර, ඉරාන ක්‍රීඩකයින් සඳහා ඇමෙරිකානු වීසා බලපත්‍ර අනුමත කෙරුණේ, පසුගිය සිකුරාදා ය.

කෙසේ වෙතත්, ඉරාන පාපන්දු සම්මේලනයේ ප්‍රධානී මෙහ්ඩි ටාජ් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුගේ ම වීසා ප්‍රතික්ෂේප කර ඇත.

ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ඉරාන ක්‍රීඩකයින්ට සහ අත්‍යවශ්‍ය සහයක කාර්ය මණ්ඩලයට අවශ්‍ය වීසා බලපත්‍ර නිකුත් කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව බීබීසීයට පැවසීය. එසේ වුව ද, ඉරාන කණ්ඩායමට "ව්‍යාජ මවාපෑම් යටතේ ත්‍රස්තවාදීන් එක්සත් ජනපදයට රිංගා ගැනීම සඳහා මෙම ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීමට" ඉඩ නොදෙන බව එහි වැඩිදුරටත් සඳහන් විය.

මෙක්සිකෝවේ ඉරාන තානාපති අබොල්ෆාස්ල් පසන්දිදේ පවසන්නේ, වීසා කොන්දේසි යටතේ, ක්‍රීඩකයින් ඔවුන්ගේ තරග පැවැත්වෙන දිනයේ ම එක්සත් ජනපදයට ඇතුළු වී යළි පිටවිය යුතු බවට ජාතික කණ්ඩායමට දැනුම් දී ඇති බව ය.

යුද්ධය මධ්‍යයේ සහ FIFA මෙම වෙනස අනුමත කිරීමෙන් පසුව, ඉරානය තම ලෝක කුසලාන කණ්ඩායම රඳවා තබන රට එක්සත් ජනපදයේ සිට මෙක්සිකෝවේ ටිහුවානා වෙත ගෙන ගොස් ඇත. කණ්ඩායම මුලින් සැලසුම් කර තිබුණේ ඇරිසෝනාහි ටක්සන්හි රැඳී සිටිමින් තරගාවලියට සහභාගි වීමටයි.

ඉරානයේ කණ්ඩායම් අදියරේ තරග තුන ම ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත ය. නවසීලන්තය සහ බෙල්ජියම සමග ලොස් ඇන්ජලීස්හිදී ද, ඊජිප්තුවට එරෙහිව සියැටල්හිදී ඒ අනුව එම තරග පැවැත්වේ.

A customs officer looks at the plane carrying Iran's football team while landing at the Tijuana International Airport in Tijuana, Mexico on June 7, 2026, ahead of the FIFA 2026 World Cup football tournament. (Photo by Guillermo Arias / AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාන පාපන්දු කණ්ඩායම රැගත් ගුවන් යානය ජූනි 7 වන දින ටිහුවානා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ අයුරු

වසර 40කට වැඩි ආතතිය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇත්තේ සතුරු සබඳතාවකි. ටෙහෙරානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් සහ 1979 දී ඇති වූ ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදයෙන් පසුව, දෙරට අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවතිණි.

පාපන්දු ක්‍රීඩාව බොහෝ විට දෙරට අතර ඍජු සම්බන්ධතාව සඳහා ඇති සීමිත අවස්ථාවන්ගෙන් එකකට ඉඩ සලසයි.

දෙපාර්ශවය අතර වඩාත් ප්‍රසිද්ධ තරගය පැවැත්වුණේ, 1998 ප්‍රංශයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ය. එහිදී ඉරානය එක්සත් ජනපදය 2-1ක් ලෙස පරාජය කළ අතර එම තරගය දැවැන්ත දේශපාලන ආතතියක් ඇති කළේය. දේශපාලන පසුබිම නිසා ඇතැමුන් විසින් "Mother of All Games" ලෙස හඳුන්වන ලද මෙම තරගය ගෝලීය අවධානය දිනා ගත් අතර ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් ම අමතක නොවන තරගවලින් එකක් බවට පත්විය.

තරගය ආරම්භයට පෙර, ඉරාන ක්‍රීඩකයින් තම ඇමෙරිකානු සගයන්ට සාමයේ ඉඟියක් ලෙස සුදු රෝස මල් ප්‍රදානය කළ අතර, එය දේශපාලනය ඉක්මවා ගිය මොහොතක් ලෙස ලෙස සැලකේ. 2022 කටාර්හි පැවති ලෝක කුසලානයේදී කණ්ඩායම් දෙක නැවතත් හමුවූ අතර, එහිදී එක්සත් ජනපදය 1-0 ලෙස තරගය ජයග්‍රහණය කර පිළිමළුන් පිටුදැකීමේ අදියරට පිවිසියේය.

2026 තරගාවලියේ අග භාගයේදී ඉරාන-ඇමෙරිකානු හමුවක් ඇතිවීමේ හැකියාව ද පවතින පසුබිමක මෙම කුතුහලය තවත් වැඩි වී තිබේ.

ලෝක කුසලානයේ පුළුල් කරන ලද නව තරග ආකෘතිය යටතේ, දෙපාර්ශවයටම පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී එකිනෙකාට මුහුණ දිය හැකිය. රටවල් දෙක අතර යුද්ධය හේතුවෙන්, එවැනි තරගයක් පාපන්දු ක්‍රීඩාවෙන් ඔබ්බට වැදගත් වනු ඇත.

L-R: Frankie Hejduk, Tab Ramos, Joe Max Moore, David Regis, Kasey Keller and Thomas Dooley of USA exchange flowers with the Iranian Team before the World Cup 1st round match between USA (1) and Iran (2) at the Stade de Garland on June 21, 1998 in Lyon, France.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1998 වසරේ ප්‍රංශයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී තරගය ආරම්භයට පෙර, ඉරාන ක්‍රීඩකයින් තම ඇමෙරිකානු සගයන්ට සාමයේ ඉඟියක් ලෙස සුදු රෝස මල් ප්‍රදානය කළ අතර, එය දේශපාලනය ඉක්මවා ගිය මොහොතක් ලෙස ලෙස සැලකේ

'පාපන්දු ක්‍රීඩාව වරෙක ඉරානය එක්සත් කළා'

සැපයුම් ගැටලු මධ්‍යයේ, ජාතික පාපන්දු කණ්ඩායම සහ ඉරාන මහජනතාවගේ ඇතැම් කොටස් අතර සම්බන්ධතාවය පෙර තරගාවලි වලට වඩා සංකීර්ණ බව පෙනී යන කරුණකි.

ඉරාන ජාතික කණ්ඩායම යනු සාම්ප්‍රදායිකව දේශපාලන හා සමාජීය බෙදීම් තුළින් සහයෝගය දිනාගත හැකි ආයතන කිහිපය අතුරින් එකකි. 2014 සහ 2018 ලෝක කුසලාන තරගාවලිවලදී, කණ්ඩායමට දේශපාලන භේදයකින් තොරව ආධාරකරුවන්ගෙන් පුළුල් සහයෝගයක් ලැබිණි.

පොලිස් අත්අඩංගුවේ සිටියදී මහ්සා අමිනී මිය යාම සහ බලධාරීන් විරෝධතාකරුවන්ට එරෙහිව ගත් මර්දනය හා රට පුරා පැවති විරෝධතා හේතුවෙන් 2022 කටාර්හි පැවති ලෝක කුසලාන තරගාවලියට පෙර එය වෙනස් විය.

මෙම කණ්ඩායම දේශපාලන විවාදයක කේන්ද්‍රස්ථානය බවට පත් වූ අතර, සමහර ඉරාන ජාතිකයන් ක්‍රීඩකයින් විරෝධතාකරුවන් සමග සහයෝගීතාව පෙන්වනු ඇතැයි අපේක්ෂා කළ අතර තවත් සමහරු පාපන්දු දේශපාලනයෙන් වෙන්ව පැවතිය යුතු බව අවධාරණය කළහ.

2026 ලෝක කුසලානය පැමිණෙන්නේ ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතාවලට එරෙහිව විශාල මර්දනයක් දියත් කිරීමෙන් මාස හයකට පසුව ය. එම කාලය තුළ මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ දහස් ගණනක් මිනිසුන් මිය ගොස් ඇති බව ය.

ඇතැම් ආධාරකරුවෝ දේශපාලනය කුමක් වුවත්, ජාතික පාපන්දු කණ්ඩායම ජාතික අභිමානයේ සංකේතයක් ලෙස අඛණ්ඩව සලකති. තවත් සමහරුන් වැඩි වැඩියෙන් විවේචනාත්මක වෙමින් සිටින්නේ, එම පාර්ශවය රාජ්‍ය ආයතන සමග ඕනෑවට වඩා සම්බන්ධ බවත්, රටේ දේශපාලන සංස්ථාපිතයෙන් වෙන්ව නොබැලිය යුතු බවත් තර්ක කරමිනි.

එයින් අදහස් වන්නේ ජාතික කණ්ඩායමට දක්වන සහයෝගය තුරන්ව ගොස් ඇති බවක් නොවේ. පාපන්දු තවමත් ඉරානයේ ජනප්‍රිය ම ක්‍රීඩාව වන අතර උතුරු ඇමෙරිකාවේදී කණ්ඩායම දක්වන ප්‍රගතිය ගැන මිලියන ගණනක් බලාපොරොත්තුසහගතව සිටිති.

Iran Training - Mardan Sport Complex, Antalya, Turkey - May 19, 2026
Iran players during training

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/Dilara Senkaya

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක කුසලානයට පෙර ඉරාන කණ්ඩායම තුර්කියේ පුහුණුවීම්වල නිරත වී සිටී අයුරු

නමුත් මෙවර ඉරානය තවත් ලෝක කුසලානයකට සූදානම් වන අතර වාරයේ, ප්‍රධාන තරගාවලිවලදී මීට පෙර දක්නට ලැබුණු ජාතික මට්ටමේ උනන්දුව වඩා අඩු බවක් පෙනේ. පිටියේදී, ඉරානය කිසි දා සමත් නොවූ සාර්ථකත්වයක් අත්කර ගැනීමට බලාපොරොත්තු වනු ඇත.

ලෝක කුසලාන හතකට සුදුසුකම් ලැබුව ද, ඔවුන් කිසි විටෙකත් කාණ්ඩ අදියරෙන් ඔබ්බට ගොස් නැත. පුළුල් කරන ලද කණ්ඩායම් 48ක ආකෘතිය නැවුම් අවස්ථා ලබා දෙන අතර, පිළිමළුන් පිටුදැකීමේ වටයට ළඟා වීම සාක්ෂාත් කරගත හැකි ඉලක්කයක් බව ඉරානය විශ්වාස කරනු ඇත.

පාපන්දු ක්‍රීඩාව මෙහි ප්‍රමුඛ කතා තේමාව ලෙස තවදුරටත් පවතින්නේ ද යන්න තවත් ප්‍රශ්නයකි.

ලෝක කුසලාන බොහෝ විට ඒවා පැවැත්වෙන කාල සීමාවේ දේශපාලන යථාර්ථයන් පිළිබිඹු කර ඇත. එහෙත් රාජ්‍ය තාන්ත්‍රික හුදෙකලාව, හමුදා ආතතීන්, වීසා අවිනිශ්චිතතා සහ තමන්ගේ ම සහය ලබන කොටස් අතර පවතින දේශපාලන බෙදීම් වැනි සංයෝජන යටතේ මෙවර තරගාවලියට පැමිණෙන වෙනත් කණ්ඩායමක් ගැන සිහිපත් කිරීම දුෂ්කර වනු ඇත.