ශ්‍රී ලංකා නාවික හමුදාව IRIS Bushehr ඉරාන නෞකාවේ සිටි පිරිස් ආරක්ෂිතව මුදාගත් අයුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා නාවික හමුදාව IRIS Bushehr ඉරාන නෞකාවේ සිටි පිරිස් ආරක්ෂිතව මුදාගත් අයුරු
ශ්‍රී ලංකා නාවික හමුදාව IRIS Bushehr ඉරාන නෞකාවේ සිටි පිරිස් ආරක්ෂිතව මුදාගත් අයුරු
Published

IRIS Bushehr නමැති ඉරාන නෞකාවේ සිටින පිරිස අතරින් 204 දෙනෙකු මාර්තු 6 වන දා කොළඹ වරායට රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව බීබීසී සිංහල වෙත පැවසීය.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් එහි මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ, ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර, ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වැලිසර පිහිටි නාවික හමුදා කඳවුර වෙත රැගෙන යන බවයි.

මෙම නෞකාවේ 208 දෙනෙකු සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.