'නංගිගෙයි මගෙයි බිස්නස් එක තමයි V & S බේකර්ස්'

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා වසංගතය පැවති සමයේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ජංගම දුරකතන භාවිතයත් සමග ආහාර සකස් කරන වීඩියෝ නැරඹීමෙන් මේ ගැන උනන්දුවක් ඇති වූ බව ඇය පවසන්නීය.
'නංගිගෙයි මගෙයි බිස්නස් එක තමයි V & S බේකර්ස්'
Published

අධ්‍යාපන කටයුතු කරන අතරේ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන සිදු කරන සහෝදරියන් දෙදෙනෙකු ගැන කෑගල්ල, රංවල ප්‍රදේශයන් අසන්නට ලැබිණි.

අවුරුදු 12ක් සහ 13ක් වයසැති එම දියණියන් දෙදෙනා 'V & S බේකර්ස්' නමින් තම නිෂ්පාදන අලෙවි කරති.

'නංගිගෙයි මගෙයි බිස්නස් එක තමයි V & S බේකර්ස්'. අම්මලාට සල්ලි නැති වෙලාවට ඉගන ගන්නේ අපි කේක් හදන සල්ලි වලින්'' යනුවෙන් පෙමින්දි සේනාරත්න BBC සිංහල සේවයට පැවසුවාය.

කොරෝනා වසංගතය පැවති සමයේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ජංගම දුරකතන භාවිතයත් සමග ආහාර සකස් කරන වීඩියෝ නැරඹීමෙන් මේ ගැන උනන්දුවක් ඇති වූ බව ඇය පවසන්නීය.

ඒ සඳහා පාසලේ ගුරුවරුන්ගේ ද සහය සහ මග පෙන්වීම ලැබෙන අතර දරුවන් හොඳින් අධ්‍යාපන කටයතු සිදු කරන බව ද මව්පියෝ පවසති.