'මේ සියඹලා ගහ යට තමයි නඩු ඇහුවේ'
'මේ සියඹලා ගහ යට තමයි නඩු ඇහුවේ'
Published
1908 දී දකුණු පළාතේ ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයා ලෙස රාජකාරි ආරම්භ කළ ලෙනාඩ් වුල්ෆ් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ඉතිරි කළ මතකයන් රැසක් තිබේ.
බැද්දේගම නමින් නවකතාවකට සහ සිනමා පටයකට සිංහලට පරිවර්තනය වූ 'Village in the Jungle' කෘතිය, හම්බන්තොට මීගහජඳුරේ පිහිටි නඩු ඇසූ සියඹලා ගස සහ ඔහු නවාතැන් ගත් වලව්ව ලෙනාඩ් වුල්ෆ් ගැන මතකය ඉතිරි කළ සංකේතයන් වේ.
1911 දී ලංකාවේ රාජකාරි නිමවා එංගලන්තයට ගිය ඔහු ඉන් වසර 50කට පසු යළි ලංකාවට පැමිණ අතීත මතකයන් හරහා ගමන් කළේය.
වසර තුනක රාජකාරි කාලය තුළ ලෙනල්ඩ් වුල්ෆ් හම්බන්තොට පාසල් 43ක් ආරම්භ කළ බව ලෙනාඩ් වුල්ෆ් ඇසුරු කළ විජේසිංහ බෙලිගල්ල ඔහුගේ 'ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්' කෘතියේ සඳහන් කර ඇත.
මීගහජඳුරේ නඩු ඇසීමට පැමිණි අවස්ථාවේ දී ලෙනාඩ් වුල්ෆ් නවාතැන් ගත වලව්ව ද අද ගරා වැටෙමින් පවතී.







