ජනාධිපතිවරණය කල් දාන්න ඉල්ලූ රංගේ බණ්ඩාර දැන් ඉක්මන් ඡන්දයක් ඉල්ලන්නේ ඇයි?
ජනාධිපතිවරණය කල් දාන්න ඉල්ලූ රංගේ බණ්ඩාර දැන් ඉක්මන් ඡන්දයක් ඉල්ලන්නේ ඇයි?
Published
ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔහු සමග එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද සහභාගී විය.
ඉන් අනතුරුව මාධ්‍යවේදීන් සමග ඔවුන් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය තරග කරන අතර ජනාධිපතිවරණය කල් දැමීමේ සුදානමක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බවය.






