සති දෙකක් තුළ ප්‍රසිද්ධ නිවේදනයකින් බොරුව නිවැරදි කරන්නැයි නියෝගයක්
සති දෙකක් තුළ ප්‍රසිද්ධ නිවේදනයකින් බොරුව නිවැරදි කරන්නැයි නියෝගයක්
Published
ඉන්ධන ලීටරයක් රුපියල් 250ට ලබා දිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක කළ ප්‍රකාශය අසත්‍ය බව සති දෙකක් තුළ ප්‍රසිද්ධ නිවේදනයක් මගින් ජනතාවට දැනුම් දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව) විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නියෝග කරන ලදී.
එමෙන්ම මේ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියෝග කළ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය ගැන අප්‍රසාදය පළ කළේය.
ඉන්ධන ලීටරයක් රු. 250 ක මුදලට ලබාදිය හැකි බවට කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගේ දත්ත සහ ගණනය වැරදි බව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සැප්තැම්බර් 06 වැනිදා කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදී පෙන්වා දෙන ලදී.






