රට පුරා නීතිඥවරුන් වැඩ වර්ජනයක; අධිකරණ කටයුතු වලට බලපෑම්

වීඩියෝ ශීර්ෂ වැකිය, රට පුරා නීතිඥවරුන් වැඩ වර්ජනයක; අධිකරණ කටයුතු වලට බලපෑම්
රට පුරා නීතිඥවරුන් වැඩ වර්ජනයක; අධිකරණ කටයුතු වලට බලපෑම්
Published

තලවතුගොඩ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ නීතිඥ බුද්ධික ගයාන් මල්ලවආරච්ගේ සහ ඔහුගේ බිරිදගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි රජයට බල කරමින් අද දින දීපව්‍යාප්තව සිදුකරන වැඩ වර්ජනයට නිසා නීතිඥවරුන් සිය අධිකරණ කටයුතු හා සියලු සේවා වලින් ඉවත් වී තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩු කටයුත්ත සඳහා බස්නාහිර පළාත් මහාධිකරණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නඩුව ද නීතිඥවරු අද දින රාජකාරී වලින් ඉවත්ව සිටි නිසා ලබන 19 වන දා දක්වා කල්තැබීමට අධිකරණය තීන්දු කළා.