Flotilla: ඊශ්රායල් අත්අඩංගුවට පත්වූ ශ්රී ලාංකික තරුණිය මුහුණ දුන් අත්දැකීම BBCයට කියයි
Published
කියවීමේ කාලය: මිනිත්තු 2
ගාසා වෙත මානුෂීය ආධාර රැගෙන යාමේදී ඊශ්රායල් අත්අඩංගුවට පත්වූ, ශ්රී ලංකික තරුණියක වන සමීරා මහ්බුබ්දීන් තමන් ඇතුළු කණ්ඩායම මුහුණ දුන් අනපේක්ෂිත අත්දැකීම BBC සිංහල සේවයට විස්තර කළා ය.
මැයි 18 වන දා සිට දින තුනක් ඊශ්රායල් යුද්ධ නෞකාවක රඳවා තබා ගැනීමෙන් පසු තවත් දිනක් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇය ඇතුළු කණ්ඩායම පිටුවහල් කෙරිණි.
ඊශ්රායල් හමුදාවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඉළඇට බිඳීම් 35ක්, 5 දෙනෙකුගේ හිසේ තුවාල සහ ලිංගික අතවර 13ක් තමන් සිටි නෞකාවේ සිටි කණ්ඩායමේ සාමාජිකයින්ට සිදුවූ සමීරා පැවසුවා ය.






























