සුන්බුන්වලට යට වී දින හතරකට පසු පියෙකු සහ පුතෙකු බේරාගත් මොහොත

වීඩියෝ ශීර්ෂ වැකිය, සුන්බුන්වලට යට වී දින හතරකට පසු පියෙකු සහ පුතෙකු බේරාගත් මොහොත
සුන්බුන්වලට යට වී දින හතරකට පසු පියෙකු සහ පුතෙකු බේරාගත් මොහොත
Published

වෙනිසියුලාවේ භූකම්පන සිදුවී දින හතරකට පමණ පසු සුන්බුන් යට සිරවී සිටි පියෙකු සහ ඔහුගේ නව යොවුන් වියේ පසු වන පුත්‍රයා බේරා ගැනීමට හැකි වී තිබේ. ඇමෙරිකානු සහ ප්‍රංශ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ඉරිදා (ජූනි 28) කරාබලේඩා ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක් යට සිටියදී ඔවුන් සොයා ගැනිණි.

පසුගිය සතියේ සිදුවූ භූමිකම්පා දෙකකින් පුද්ගලයින් 1,700කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, අන්තර්කාලීන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් මෙය වෙනිසියුලා ඉතිහාසයේ "වඩාත් ම දරුණු ස්වභාවික ව්‍යසනය" ලෙස හැඳින්වීය.