අල්-අහ්ලි රෝහලේ පිපිරීමෙන් පුතුන් මියයාමෙන් පසු ශෝකයට පත් සාමය අයදින පියෙක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ''මම දිවුරන්නම්. මට ඕනි සාමය. ගාසා තීරයට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම.''
අල්-අහ්ලි රෝහලේ පිපිරීමෙන් පුතුන් මියයාමෙන් පසු ශෝකයට පත් සාමය අයදින පියෙක්
Published

ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුමේ දී ගාසා හි අල්-අහ්ලි රෝහලට ද ප්‍රහාරයක් එල්ල විය.

ඉන් සිය පුතුන් දෙදෙනා, සහෝදරයෙකු සහ බෑනාවරුන් දෙදෙනෙකු අහිමි වූ අරෆත් අබු අසායි BBC අරාබි සේවයට ඉතා සංවේදී කරුණු සහිත ප්‍රකාශයක් කළේය.

දැඩි කම්පනයකට පත්ව සිටින ඔහු සඳහන් කළේ ගාසා තීරයට පමණක් නොව ලෝකයටම සාමය උදාවනු දැකීම සිය අපේක්ෂාව බවය.