'මිටිබව නිසා ප්‍රතික්ෂේපවීම් රැසකට මුහුණ දුන්නා. අද මගේ යටතේ සේවකයින් 50කට වැඩියෙන් ඉන්නවා'
'මිටිබව නිසා ප්‍රතික්ෂේපවීම් රැසකට මුහුණ දුන්නා. අද මගේ යටතේ සේවකයින් 50කට වැඩියෙන් ඉන්නවා'
Published
අඩි තුනයි අඟල් 11ක් උස, මීට වසර 25කට පෙර විවාහ දිවියට ඇතුළත් වූ දර්ශනී නානායක්කාර දෙදරු මවකි.
උස අඩුවීම නිසා පාසලට ඇතුළත් කර ගැනීම විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කිරීම සහ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගිය අවස්ථවේදී සමච්චලයට ලක්වීම ඇතුළු බොහෝ ප්‍රතික්ෂේප වීම්වලට ලක් වූ බව ඇය පවසන්නී ය.
''පළමු සම්මුඛ පරීක්ෂණයට මම දොර ඇරගෙන යනකොට ඒ අය මුහුණට මුහුණ බලාගෙන හාස්‍යයට වගේ හිනා වුණා. ඒක මගේ හිතට තදින් දැනුණා. මම ඊට පස්සේ අනුන්ගේ තැන්වල රස්සා හොයන්න ගියේ නෑ. අද මම හෝටල් ක්ෂේත්‍රයේ සේවකයින් පනහකට වැඩිය පාලනය කරන ව්‍යවසායිකාවක්. අපිට උස අඩු වුණාට වෙන අඩුවක් නෑ. ඒකයි සමාජය තේරුම් ගන්න ඕනෙ,'' යනුවෙන් දර්ශනී නානායක්ක්කර BBC සිංහල සේවයට පැවසුවා ය.
නිෂ්පාදනය : ෂර්ලි උපුල් කුමාර









