'මෙහෙම යුද්ධයක් ලැබුණේ දරුවෝ මොන වරදක් කළාට ද?'
'මෙහෙම යුද්ධයක් ලැබුණේ දරුවෝ මොන වරදක් කළාට ද?'
Published
අද අවසන් වූ සටන් විරාමයට පෙර පසුගිය දිනයන් හිදී තම නිවෙස් කරා යාමට ලැබුණු ගාසා වැසියන් දුටුවේ මුළුමනින්ම විනාශ වී ගිය තම නිවාස හා දේපල ය.
සටන් විරාමය පැවති සමයේ ගාසාහි පස්දරු පියෙකු වන වඑල් කුදී, ඔහුගේ නිවසින් ඉතිරිවී ඇති දේ බැලීම සඳහා දකුණුදිග ගාසා වෙත පැමිණි මොහොතේ ඔහු දුටු දේ අප හා බෙදා ගත්තේය.
ඔක්තෝම්බර් හත්වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් මියගොස් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට පත්වීමෙන් පසු ඊශ්‍රායලය ගාසා වෙත ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් ආක්‍රමණයක් දියත් කළේ ය.







