'තනතුර ඉහළ දමා ගන්න මාව බිලි දීපු අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා' - වෛද්‍ය ෂාෆි
'තනතුර ඉහළ දමා ගන්න මාව බිලි දීපු අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා' - වෛද්‍ය ෂාෆි
Published
ඉහළ තනතුරු ලබා ගැනීම සඳහා ඇතැම් නිලධාරීන් තමන් බිලිදීම ගැන කනගාටු වන බවත්, එවැනි අසාධාරණයක් තවත් කෙනෙකුට සිදු නොවීම සඳහා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි පවසයි.
කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටි ඔහු නිදොස් කොට නිදහස් කිරීමටත්, ඔහුට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කිරීමටත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය බදාදා (ඔක්: 06) නියෝග කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ වෛද්‍ය ෂාෆි මෙම අදහස් පළ කළේ ය.
''අවුරුදු පහයි මාස හයක් බොරු චෝදනාවක් උඩ, තම තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් මම, බිරිඳ, පවුලේ අය විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේක මම ලබපු ජයක් විතරක් නෙමෙයි, ලංකාවෙ ම යුක්තිය වෙනුවෙන් සටන් කරපු, ඒ වෙනුවෙන් පෙනී සිටිය අයගේ ජයග්‍රහණයක්,'' යනුවෙන් ඔහු පැවසුවේ ය.








