ශ්‍රී ලංකාවේ මුද්‍රණ ඉතිහාසයේ සංකේතයක් වූ ලංකෝපකාර මුද්‍රණාලය

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ පළ කළ ප්‍රථම සිංහල පුවත්පත ලෙස සැලකෙන 'ලංකාලෝකය' එහි මුද්‍රණය කර ඇත.
ශ්‍රී ලංකාවේ මුද්‍රණ ඉතිහාසයේ සංකේතයක් වූ ලංකෝපකාර මුද්‍රණාලය
Published

1862 වසරේ දී ගාල්ලේ ආරම්භ කරන ලද ලංකෝපකාර මුද්‍රණාලය ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ සුවිශේෂී සංකේතයකි. මේ මුද්‍රණාලය ගැන තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පෙළ පොත්වලට ද ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පළ කළ ප්‍රථම සිංහල පුවත්පත ලෙස සැලකෙන 'ලංකාලෝකය' එහි මුද්‍රණය කර ඇත. (ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ පළමු පුවත්පත ලක්මිණි පහන -1862) වේ.

2012 වසරේ ඇති වූ ගින්නකින් ගාල්ල, කතළුව රන්වැල්ල පුරණ විහාරස්ථානයේ පැවති ඉපැරණි මුද්‍රණාලය විනාශ විය.

එය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ බලධාරීන් සැලකිල්ලට නොගත්ත ද තායිලන්ත රජය විසින් ඊට සහයෝගය දැක්වූ බව පූජ්‍ය මාරකොල්ලියේ විමලජෝති හිමියෝ BBC සිංහල සේවයට පැවසූහ.