ඔබේ සුරතලා ක්ලෝන් කරන්න ඔබත් කැමති ද ?
ඔබේ සුරතලා ක්ලෝන් කරන්න ඔබත් කැමති ද ?
Published
1996 දී ඩොලි බැටළුවා වැඩිහිටි සෛලයකින් ක්ලෝන කරන ලද පළමු ක්ෂීරපායී සත්වයා බවට පත් විය. දශක දෙකක් පුරාවට ක්ලෝනකරණ තාක්ෂණය වේගයෙන් ඉදිරියට ගොස් ඇති අතර දැන් ඔබට ඔබේ සුරතල් සතුන් පවා ක්ලෝන කළ හැකිය.
අශ්වයන්ගේ සිට හාවුන්, බළලුන් සහ බල්ලන් දක්වා - මෙම සතුන් ක්ලෝන කිරීමට ඔබට කුඩා පටක සාම්පලයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ඒ සඳහා ඔබට අවම වශයෙන් ඩොලර් 50,000 ක් අවශ්‍ය වන අතර ක්ලෝනකරණයට ලොව සියලුම රටවලට අවසර නැත.
ඒ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට බීබීසීය ක්ලෝනීකරණ විද්‍යාගාරයකට ගියේය.








