ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයේ දී 29ක් පොලිස් අත්අඩංගුවට

වීඩියෝ ශීර්ෂ වැකිය, ආණ්ඩුවේ මර්දනය සහ රටේ පවතින ගැටලු ගැන සඳහන් කරමින් පැවති මේ විරෝධතාවයේ දී ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති විවේචනයට ලක්විය.
ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයේ දී 29ක් පොලිස් අත්අඩංගුවට
Published

ජන අරගල ව්‍යාපාරය අද (මාර්තු 20) කොළඹ දී කළ විරෝධතාවක දී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ අවස්ථාවේ දී පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ආණ්ඩුවේ මර්දනය සහ රටේ පවතින ගැටලු ගැන සඳහන් කරමින් පැවති මේ විරෝධතාවයේ දී ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති විවේචනයට ලක්විය.

සැකකරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.