ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවුණේ වගකීම් විරහිත පිතිකරණය නිසා ද?

Dasun Shanaka
Published

2023 ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (සැප්තැම්බර් මස 17 වැනිදා) සමත් විය.

ඉන්දියාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 8 වන වරටය.

2023 ආසියානු කුසලානය: විශිෂ්ට තරග ජයක් සමග ඉන්දියාව හිමිකර ගනී
ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 ආසියානු කුසලානය: විශිෂ්ට තරග ජයක් සමග ඉන්දියාව හිමිකර ගනී

බුමරංගයක් වූ තීරණය

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු ක්‍රීඩාංගණයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කරනු ලැබුවේ මිනිත්තු 35ක පමණ කාලයක ප්‍රමාදයකින් අනතුරුවය.

කෙසේවුවද තරගය ආරම්භ වී පළමු පන්දු වාරයේදීම කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් හමුවේය.

තරගයේ 6 වන පන්දු වාරයේදී මොහොමඩ් සිරාජ් විසින් නායක දසුන් ශානක ගේ කඩුල්ලද දවා ගන්නා ලදී.
ඡායාරූප ශීර්ෂ වැකිය, තරගයේ 6 වන පන්දු වාරයේදී මොහොමඩ් සිරාජ් විසින් නායක දසුන් ශානක ගේ කඩුල්ලද දවා ගන්නා ලදී.

සිරාජ් සුනු විසුනු කළ ශ්‍රී ලංකා මුල් පෙළ

ශ්‍රී ලංකා ඉනිමේ 4 වන පන්දු වාරය යැවීමට පැමිණි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් විසින් එම පන්දු වාරයේදී කඩුලු 4ක් දවා ගනු ලැබුවේ සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින්ය.

සිරාජ් විසින් එම පන්දු වාරයේදී ලකුණු 4කට කඩුලු 4ක් දවා ගැනු ලැබිය.

පැතුම් නිස්සංක, සදිර සමරවික්‍රම, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාගේ කඩුලු ද මොහොමඩ් සිරාජ් විසින් එම පන්දු වාරයේදී දවා ගනු ලැබීය.

තරගයේ 6 වන පන්දු වාරයේදී මොහොමඩ් සිරාජ් විසින් නායක දසුන් ශානක ගේ කඩුල්ලද දවා ගන්නා ලදී.

ඉන් පසුව 12 වන පන්දු වාරයේදී සිරාජ් විසින් ලකුණු 17ක් රැස් කර ගෙන සිටි කුසල් මෙන්ඩිස් ගේ කඩුල්ල දවා ගනු ලැබිය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට ස්ථාවර වීමට කිසිදු අවස්ථාවක් නොදුන් ඉන්දීය වේග පන්දු බල ඇණිය විසින් පන්දු වාර 15.2 කදී ලකුණු 50 කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවා ගනු ලැබිය.

මොහොමඩ් සිරාජ් විසින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් අද තරගයේදී ලකුණු 21 කට කඩුලු 6ක් දවා ගන්නා ලදී.
ඡායාරූප ශීර්ෂ වැකිය, මොහොමඩ් සිරාජ් විසින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් අද තරගයේදී ලකුණු 21 කට කඩුලු 6ක් දවා ගන්නා ලදී.

මොහොමඩ් සිරාජ් විසින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් අද තරගයේදී ලකුණු 21 කට කඩුලු 6ක් දවා ගන්නා ලදී.

එමෙන්ම මෙම පන්දු යැවීම ආසියානු කුසලාන තරගාවලියක වාර්තා වූ දෙවන හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොත් අතරට එක්විය.

පන්දු යැවීමේදී හර්දික් පාන්ඩ්යා ලකුණු 3 ට කඩුලු 03ක් සහ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 23 කට එක් කඩුල්ලක් දවා ගනු ලැබීය.

ලකුණු 51ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය විසින් පන්දු වාර 6 යි එක් පන්දුවකදී කිසිදු කඩුල්ලක් නොදැවී සිය ඉලක්කය පසු කර යමින් ආසියානු කුසලානය තමන් සතුකර ගැනීමට සමත් විය.

මොහොමඩ් සිරාජ් තරගයේ වීරයා ලෙස ත්‍යාග දිනා ගත්තේය
ඡායාරූප ශීර්ෂ වැකිය, මොහොමඩ් සිරාජ් තරගයේ වීරයා ලෙස ත්‍යාග දිනා ගත්තේය

පරාජිත වාර්තා පොත අලුත් කළ ශ්‍රී ලංකාව

  • ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලකුණු 50කට දවී යෑම ආසියානු කුසලාන තරගාවලියක කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.
  • ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදීම එක්දින තරගයකදී දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව. ( මීට පෙර 1993 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 98කට ශ්‍රී ලංකාව දැවී ගොස් ඇත.)
  • එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි.
  • ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව.
  • ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක දී වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී පරාජය වූ තරගය. ( පන්දු 263ක් ඉතිරිව තිබියදී)