ගාසා: සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පසු රෆා රෝහල
ගාසා: සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පසු රෆා රෝහල
Published
ඊශ්‍රායලය රෆා නගරයට බටහිරින් පිහිටි අවතැන් වූ ජනතාවගේ කඳවුරකට බෝම්බ හෙලීමෙන් පසුව, ගාසාහී රෝහලක් තුළදී, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක් දරනු ලැබූහ.
තල් අල්-සුල්තාන් හි එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයක් අසලට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවන්, වැඩිහිටියන් සහ ළමුන් මිය ගියහ. ප්‍රදේශවාසීන් පැවසුවේ ප්‍රහාර එල්ලවූ ප්‍රදේශය ඔවුන්ට ආරක්ෂිත යැයි පැවසූ කලාපයක් බවයි.
ඊශ්‍රායලය රෆාහි මෙහෙයුම් වහා නතර කළ යුතු බවට ජාත්‍යන්තර අධිකරණය අවධාරණය කිරීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල විය.









