ඩයනා ගමගේ: පාර්ලිමේන්තුවේදී තමන්ට වාචික ලිංගික අතවරයක් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යවරිය කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය
ඩයනා ගමගේ: පාර්ලිමේන්තුවේදී තමන්ට වාචික ලිංගික අතවරයක් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යවරිය කියයි
Published

සමගි ජන බලවේගයේ මහ ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර තමන්ට කළ ප්‍රකාශයකින් වාචික ලිංගික අතවරයක් සිදු වූ බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (ඔක්තෝම්බර් 05) පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

අදාළ මන්ත්‍රීවරයා වරප්‍රසාද කමිටුවට කැඳවා පර්ක්ෂණයක් කරන ලෙස නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඇය එහිදී ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගැබ තුළ සිටියේ නැත.