පියාඹන වස්තූන් ගැන හෙළි නොකළ ලිපිගොනු පෙන්ටගනය ප්‍රසිද්ධ කරයි
පියාඹන වස්තූන් ගැන හෙළි නොකළ ලිපිගොනු පෙන්ටගනය ප්‍රසිද්ධ කරයි
Published
හඳුනා නොගත් පියාඹන වස්තූන් (UFO) සම්බන්ධයෙන් වාර්තා වූ දර්ශන ඇතුළත්, මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ ලේඛන සමූහයක් පෙන්ටගනය විසින් නිකුත් කර තිබේ.
දශක කිහිපයක් පුරා දිවයන මෙම ලේඛන රහස්‍යභාවයෙන් මුදා හැර සිකුරාදා දින අන්තර්ජාලයට එක් කෙරුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදිය. මේ පිළිබඳව පවතින "මහත් උනන්දුව මත" ඒවා ප්‍රකාශයට පත් කරන බව ඔහු මෙම වසර මුලදී ප්‍රකාශ කර තිබුණි.



