ඔටිසම්: වයස 18 වනතුරු ලියන්නට කියවන්නට නොහැකි වූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා
Published
වයස අවුරුදු 18 වන තෙක් කියවීමට හෝ ලිවීමට නොහැකි වූ පුද්ගලයෙක් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලාබාලතම කළු ජාතික මහාචාර්යවරයා බවට පත්වීමට නියමිතය.
ජේසන් අර්ඩේ නම් ඔහු ඔටිසම් රෝගයෙන් පෙළෙන අතර සංවර්ධන ප්‍රමාදය ඔහුගේ මුල් අවදියේදී හඳුනා ගෙන තිබේ. වයස අවුරුදු 11 වන තෙක් ඔහුට කතා කිරීමට නොහැකි විය.
දැන්, 37 හැවිරිදි වියේ පසුවන ඔහු කීර්තිමත් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වීමට සූදානම්ව සිටියි. උසස් අධ්‍යාපනය තුළ වාර්ගික සුළුතරයන්ගේ නියෝජනය වැඩි දියුණු කිරීමට තමාට විශේෂ උනන්දුවක් ඇති බව මහාචාර්ය ආර්ඩේ බීබීසීයට පැවසීය.
