බැඳුම්කරය: ජවිපෙ සහ ඒකාබද්ධ විපක්ෂය එක් මතයක?

වීඩියෝ ශීර්ෂ වැකිය, බැඳුම්කරය: ජවිපෙ සහ ඒකාබද්ධ විපක්ෂය එක් මතයක?
Published

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (ජන.24) පැවැත්විණ.

බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ පැවැත්වීමේ බලය පාර්ලිමේන්තුවට පැවරිය යුතු බව විවාදයට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යෝජනා කළේය.

එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තමන් එකඟවන බව හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පැවසීය.

ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා එක්සත් ජාතික පක්ෂය කිසිදු බාධාවක් සිදු නොකරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේය.