"සයිබර් ප්‍රහාර ගැන මම සිටියේ අවතක්සේරුවකින්"

පුතින් පිළිබඳව අවතක්සේරුවකින් නොසිටි බව
ඡායාරූප ශීර්ෂ වැකිය, පුතින් පිළිබඳව අවතක්සේරුවකින් නොසිටි බව
Published

සයිබර් ප්‍රහාරයන්ගෙන් සහ අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු සන්නිවේදනය වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව තමා අවතක්සේරුවකින් සිටි බව ජනාධිපති බරක් ඔබාමා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඒබීසී රූපවාහිනියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදීය.

කෙසේ නමුත් තමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතින් පිළිබඳව අවතක්සේරුවකින් නොසිටි බව ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය

අන්තර්ජාලය හරහා ජනාධිපති පුතින් ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කළ බව ජනපති ඔබාමා යළිත්වරක් මෙහිදී පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සඳහා ජනාධිපති පුතින්ගේ නියෝගය මත සයිබර් ප්‍රචාරක වැඩසටහනක් දියත්වූ බවට ඇමරිකානු බුද්ධි අංශ මීට පෙර චෝදනා කර තිබුණි.