'තල්මස් කුලේ බෝසත් ගුණේ'

වීඩියෝ ශීර්ෂ වැකිය, තල්මස්
Published

නොගැඹුරු මුහුදූ තීරයේ වැලි ඉවුරක සිර වී සිටි සිය මව ඉන් මුදා ගැනීමට තල්මස් පැටියකු ගත් උත්සාහයක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රැඩ්බ්‍රොක් දූපතට නුදුරින් පිහිටි වැලි ඉවුරක සිර වී සිටි තල්මස් මව දියඹට ගැනීමට කුඩා තල්මස් පැටියා උත්සාහ ගන්නා ආකාරය එහි ළඟා වූ වනජීවී නිලධාරීන්ට දැක ගත හැකි විය.

මිනිත්තු හතළිහක පමණ උත්සාහයකින් පසු තල්මස් මව දියඹට පීනා ගිය බවයි වාර්තා වන්නේ.

නැගෙන මුහුදු රළ සහ සිය පැටියාගේ උපකාරයෙන් තල්මස් මව දියඹට පීනා ගිය බවයි වන ජීවී නිලධාරීන් පවසන්නේ.