යහපාලනයත් 'මාධ්‍ය දඩයමේ'

වීඩියෝ ශීර්ෂ වැකිය, මීගමුව
Published

තමා වෙත තර්ජන එල්ල කළ පුද්ගලයන්ගේ සියලු විස්තර පොලිසිය වෙත ලබා දී ඇති නමුත් ඔවුන් තවමත් නිදැල්ලේ පසු වන බව මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ පවසයි.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේට මීගමුව නගර සභාව ඉදිරියේ දී පහර දෙනු ලැබීමට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සහ බහුජන සංවිධාන රැසක සහභාගීත්වයෙන් මීගමුව නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබිණි.

තමාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී ඇතත් ප්‍රහාරය මෙහෙය වූ සැබෑ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසයි ඉහත කී උද්ඝෝෂණයට එක් වෙමින් මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ කියා සිටියේ.

නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු එහිදී ප්‍රකාශ කළේ යහපාලන රජය යටතේ සිදු වූ පළමු මාධ්‍ය ප්‍රහාරය මෙය බවයි.

විදියේ විරෝධය, මාධ්‍ය, ගුරු, ධීවර, කම්කරු සහ ආගමික සංවිධානවල සාමාජිකයන් මෙන්ම ආගමික නායකයන් ද උද්ඝෝෂණයට සහභාගී වී සිටි බවයි ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.